-
තෙවන දිගහැරුම
උදෑසන වැස්ස තරමක් නතර වී තිබුණි. වෙලේගෙදර පිටුපසින් එන තෙත් පසෙහි සුවඳ මුළු මිදුල පුරාම පැතිර තිබුණේය. රෑ පුරා වැටුණු වැස්ස නිසා අඹ ගසෙහි කොළ මත තවමත් දිය බිඳු රැඳී තිබුණි. ඒවා අතරින් උදෑසන හිරු එළිය වැටෙන විට, කොළ අගින් එකින් එක බිමට වැටුණු දිය බිඳු කුඩා වීදුරු කැට වගේ දිලිසුණේය. සඳමාලි උදේම අවදි වී […]
-
දෙවන කොටස
කළු ගඟේ නිධානය 02 කොටස — පරණ ලියුම අරවින්ද වෙලේගෙදර පැමිණි පසු පළමු පැය කිහිපය ගෙවුණේ කතාබහ අතරිනි. ආච්චි ඔහුගෙන් කොළඹ ගැන ඇසුවාය. ගමට පැමිණීමේ හේතුව ගැන ඇසුවාය. ඔහුගේ පියා ගැනත් ඇසුවාය. සඳමාලි වැඩි කතාබහක් නොකර, ඉඳහිට කුස්සියේ සිට සාලයට පැමිණෙමින් ඔවුන්ගේ කතාවට කන් දුන්නාය. ඇයට අරවින්ද ගැන දැනගන්නට බොහෝ දේ තිබුණත්, ඒවා කෙළින්ම අසන්නට […]
-
කුබුකේ දොල
1996 අවුරුද්දේ වැසි සමයක්. කළු ගඟේ ප්රධාන දිය පහරින් වෙන් වී, ගස් වැල් අතරින් නිහඬව ගලාගෙන ගිය කුඩා දිය පාරක් තිබුණි. ගමට එය හඳුන්වා තිබුණේ කුඹුකේ දොළ යන නමිනි. දොළ පටන් ගත්තේ කඳුකරයේ තෙත් වනාන්තර පැත්තකින්ද, නැතිනම් කළු ගඟේ පැරණි දිය පාරකින්ද යන්න ගමේ කිසිවෙකුට හරියටම කියන්නට නොහැකි විය. වැසි කාලයේදී එය පුළුල් වී, ගල් […]
කළු ගඟේ නිධානය

Written by
in